Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල මණ්ඩලය ඉටුකළ විදුලි බෙදාහැරීමේ කාර්යයන් දැන් EDL වෙතින්

8 months ago

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය තුළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මෙතෙක් ඉටු කරන ලද විදුලි බෙදාහැරීමේ කාර්යයන්හි වගකීම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් (EDL) සමාගම වෙත පවරා තිබේ. 2024 අංක 36 දරන විදුලිබල පනත මගින් හඳුන්වා දුන් මෙම නව ව්‍යුහාත්මක වෙනස හරහා මෙරට විදුලි බෙදාහැරීමේ අංශයේ ප්‍රගතිශීලී වෙනසක් අපේක්ෂා කෙරේ.

විදුලි බෙදාහැරීමේ අංශය තුළ පහත සඳහන් ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය බලය EDL සමාගම වෙත පවරා ඇත.

මෙහෙයුම් ක්‍රියාවලීන් වඩාත් විධිමත් කිරීම.බාධාවකින් තොරව විදුලි සැපයුමක් සහතික කිරීම.පාරිභෝගික සේවා පහසුකම් නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කිරීම.

මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ මහජනතාව සමඟ වඩාත් සමීපව කටයුතු කරන, පාරිභෝගික අවශ්‍යතා හඳුනාගත් කේන්ද්‍රීය විදුලි සැපයුම් සේවාවක් සහතික කිරීමයි. ඒ අනුව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සහ පලදායී සේවාවක් අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.