Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි වර්ජනය මැද ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

8 months ago

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.

සේවකයින් සේවයෙන් ඉවත් වී සිටීම හේතුවෙන් මෙම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට සාමාන්‍ය කාලයට වඩා වැඩි වේලාවක් ගතවනු ඇති බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු පිහිටවූ නව ආයතන වෙත සේවකයින් අනුයුක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

ඊයේ (09) පස්වරු 3ට ආරම්භ වූ මෙම පැය 24ක වර්ජනය සඳහා වෘත්තීය සමිති රැසක් එක්ව සිටී.