Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල සේවකයින්ගේ ඉල්ලීම් 64න් 62කට විසඳුම් ලැබෙයි

8 months ago

ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට අලුතින් පිහිටුවන ලද ප්‍රධාන සමාගම් හතරේ අධ්‍යක්ෂ මණ්ඩල සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.

එම සමාගම් හතරේ සභාපතිවරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ, වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් 64න් 62ක් ලබාදීමට පාලනාධිකාරිය එකඟ වී ඇති බවයි.

පවතින වැඩවර්ජනය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින්, වහාම වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස සභාපතිවරුන් සිව්දෙනා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.

සේවකයන් යළි සේවයට වාර්තා කරන්නේ නම්, මෙතෙක් විසඳී නොමැති ඉතිරි ඉල්ලීම් දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සමඟ විශේෂ හමුවක් ලබාදීමට ද පාලනාධිකාරිය මෙහිදී එකඟතාව පළ කර ඇත.