කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ නිවේදනයකට අනුව, උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන් කරනවා.
මීට අමතරව සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
