ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර, එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය සුරක්ෂිත කරගැනීම පිළිබඳවයි.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට මහබැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික, බලශක්ති, වාණිජ සහ සංචාරක ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ගෝලීය වශයෙන් නිර්මාණය වී ඇති අස්ථාවර ආර්ථික පරිසරය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි අයහපත් බලපෑම් අවම කරමින් වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා විවෘත ආර්ථිකයක් ඉන්ධන ආනයනය, විදේශ ප්‍රේෂණ සහ මැදපෙරදිග කලාපය සමඟ පවතින වාණිජ සබඳතා මත දැඩිව රඳා පවතින බැවින්, එම ක්ෂේත්‍රවලට එල්ල විය හැකි බාහිර කම්පන පිළිබඳව කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
