Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

8 months ago

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියරේ ප්‍රතිලාභීන් සඳහා මාර්තු මාසයට අදාළ දීමනා හෙට (12) දින ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,408,635ක් වෙත රුපියල් එක්දහස් එකසිය දාහත් කෝටි අසූ ලක්ෂයකට (රු. 11,179,801,250.00) අධික මුදලක් බෙදා දීමට නියමිතය.

මීට අමතරව, අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ද රුපියල් දෙසිය තිස්පස් කෝටි පනස් ලක්ෂයකට (රු. 2,350,530,000.00) අධික මුදලක් හෙට දිනයේම බැර කිරීමට මණ්ඩලය පියවර ගෙන තිබේ.