Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට ගත් සැකකරුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් මිලට ගත් පොලිස් කොස්තාපල්

8 months ago

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සතු බැංකු කාඩ්පතකින් වංචනික ලෙස මුදල් ලබාගත් කොස්ගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකුගේ බැංකු කාඩ්පත භාවිතා කර රුපියල් ලක්ෂ 6කට අධික මුදලක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා එම කාඩ්පතින් යතුරුපැදියක් සහ සුපිරි වෙළෙඳසැලකින් විවිධ භාණ්ඩ මිලදී ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විමර්ශනයට අදාළව, සොරකම් කරන ලද මුදල් පරිහරණය කිරීමට සහාය වූ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.