ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත් කිරීමට නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ නිත්‍ය නියෝජිතයන් 10 දෙනෙකු සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අදාළ නිලධාරීන්ට සිය රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි වැඩකටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
පත් කරන ලද නව රාජ්‍ය තාන්ත්‍රිකයින්:
| නිලධාරියාගේ නම | පත් කළ ධුරය සහ රට |
| දර්ශන එම්. පෙරේරා මහතා | මහ කොමසාරිස් – මැලේසියාව |
| ඩී.එම්.එස්.පී. දසනායක මහතා | තානාපති සහ නිත්‍ය නියෝජිත – එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජිනීවා) |
| දයානි මෙන්ඩිස් මෙනෙවිය | තානාපති සහ නිත්‍ය නියෝජිත – ඔස්ට්‍රියාව |
| එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා | තානාපති – රුමේනියාව |
| එන්.අයි.ඩී. පරණවිතාන මෙනෙවිය | තානාපති සහ නිත්‍ය නියෝජිත – ඉතියෝපියාව සහ අප්‍රිකානු සංගමය |
| එස්. කේ. චන්ද්‍රසිරි මහතා | තානාපති – ඊශ්‍රායලය |
| ධම්මික ප්‍රනාන්දු මහතා | මහ කොමසාරිස් – කෙන්යාව |
| අනුර විතානගේ මහතා | තානාපති – ලෙබනනය |
| මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මිය | තානාපති – ඉරානය |
| එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා | ශ්‍රී ලංකා නියෝජිත – පලස්තීනය |
