Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්

8 months ago

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය තුළ මෙතෙක් අවධානයට ලක් නොවූ ආබාධ සහිත තැනැත්තන්ගේ ගමනාගමන අයිතිය සුරක්ෂිත කරමින්, ඔවුන් වෙනුවෙන්ම වෙන් වූ ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මස සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන දැක්ම පෙරදැරිව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

රුපියල් මිලියන 430.7ක මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, රෝද පුටු භාවිත කරන්නන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ‘පතුල පහළ’ (Low floor) වර්ගයේ වායු සමනය කළ නවීන බස් රථ 10ක් දැනටමත් හම්බන්තොට වරාය වෙත ගෙන්වා තිබේ. ආසන 33කින් සමන්විත මෙම එක් බස් රථයක මගීන් 80 දෙනෙකුට ගමන් කළ හැකි අතර, රෝද පුටු භාවිත කරන්නන් සඳහාම වෙන් වූ විශේෂිත තාක්ෂණික ආරක්ෂණ අංග මෙහි අන්තර්ගත වේ.