මෑත කාලීනව මෙරටට ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන්, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අදාළ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසනවා.
ඒ අනුව, බලාගාරය නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, විදුලිය ජනනය කිරීමේ යම් අඩුවක් පැවතුණ ද, එය මේ අවස්ථාවේ රටේ බලශක්ති අවශ්‍යතාව අනුව ගැටලුවක් නොවන බවත්, පසුගිය හයවැනිදා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ස්ථානීය පරීක්ෂාවකට එක් වූ අවස්ථාවේදී ඔහු සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන තෙක් විවිධ ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙම ස්ථානීය පරීක්ෂාවේදී ගල්අඟුරු ගොඩබෑමේ සිට ගල්අඟුරු මඟින් විදුලිය ජනනය කරන තෙක් වන ක්‍රියාවලියට අදාළ සියලුම කටයුතු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී ගල්අඟුරු ගොඩබෑම, ගබඩා කර තැබීම, අහඹු නියැදි සාම්පල ලබා ගැනීම, නියැදි පරීක්ෂණය හා ප්‍රධාන පාලක මැදිරියේ මෙහෙයුම් කටයුතු ආදී කාර්යයන් පිළිබඳව කාරක සභාව සිය අවධානය යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
