දිවයිනට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී අයුධ හා මත්ද්‍රව්‍ය සමග පසුගියදා අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා 02 අද දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබු අතර එහි තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600 ට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එහි වටිනාකම රුපියල් බිලියන 10 ක් පමණ බවයි වාර්තා වන්නේ.
ධීවර යාත්‍රාවේ තිබී පිස්තෝල ගිනිඅවි 8 ක්,ඒවාට යොදන මැගසින්,T56 ගිනිඅවි 2 ක් සහ M16 වර්ගයේ ගිනිඅවියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා
