Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

​උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව

8 months ago

රට ගොඩනැගීමට නම් අධ්‍යාපනය සඳහා වූ ආයෝජනයන් දිරිමත් කරමින් දියුණු මානව සම්පතක් නිර්මාණය කළ යුතුය යන විශ්වාසය රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ 2024 උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් පිරිසකට ලෝකයේ ඇති ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයන්හි ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව උදාකර දෙමින් ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය සඳහා අද (13) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහභාගී වෙමින්.

එමෙන්ම මෙම ශිෂ්‍යත්ව වැඩසටහන රටේ ඉදිරි දැක්ම නිර්වචනය කරන වැඩසටහනක් බවයි අය ප්‍රකාශ කර සිටියේ.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,001ක මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂිත බව සඳහන්.

​මෙම වැඩසටහන මගින් 2025 සිට 2033 දක්වා කාලය තුළ සමස්ත සිසුන් 200 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහි මූලික අදියර ලෙස 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 32ක් මේ වන විටත් තෝරාගෙන ඇති අතර, ඉන් සිසුන් 9 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, මෙල්බර්න්, මොනෑෂ් සහ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වැනි ලොව ඉහළම පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී අවසන්.