රජයේ ආයතන පද්ධතිය තුළ සිදුවන විෂමාචාර සහ දූෂණ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා “මූලික විමර්ශන නිලධාරීන් සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයක්” පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ.
දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ සේවය කරනු ලබන්නේ විමර්ශන නිලධාරීන් 20 දෙනෙකු වැනි සුළු පිරිසකි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාව (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) වැනි ආයතනවලින් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් පවතින සේවක ධාරිතාව ප්‍රමාණවත් නොවීම මෙම නව සංචිතය පිහිටුවීමට ප්‍රධාන හේතුව වී ඇත.
විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවලින් තෝරාගත් නිලධාරීන් 150 දෙනෙකු මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබේ. ඔවුන් කණ්ඩායම් තුනක් යටතේ දින 14ක විශේෂ පුහුණු වැඩසටහන්වලට යොමු කෙරේ. එහි පළමු කණ්ඩායම ලෙස පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරීන් 42 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා නාරාහේන්පිට නිල මැදුරු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
