ගල්කිස්ස මංසන්ධියේදී අද (15) අලුයම බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් බරපතළ රිය අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදු වූ ආකාරය අද අලුයම 1.15ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ වන්දනා ගමනක් ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් එකිනෙක ගැටීමෙනි. අනතුරින් මෝටර් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
ආරක්ෂිත පියවර නිසා දිවි බේරෙයි අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ ආරක්ෂිත බැලූන (Airbags) නිසි පරිදි ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ගමන් කළ පිරිසට කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාලයක් සිදුව නොමැත.
