Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීම ගැන පිරවුම්හල් වෙතින් දැනුම්දීමක්

8 months ago

දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් මේ වන විට QR කේත පද්ධතියට සාර්ථකව අනුගත වී ඇති අතර, ඒ අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පවසයි.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අද උදෑසන 8-9 පමණ වන විට සියලුම පිරවුම්හල් පද්ධතියට අනුගත වූ බවයි. තාක්ෂණික වශයෙන් පද්ධතිය දැන් සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, ඒ හරහා කාර්යක්ෂමව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.

QR ක්‍රමය ක්‍රියාත්මක වුවද, ඉන්ධන නිකුත් කිරීමේදී පිරවුම්හල් හිමියන් විසින් දැඩි කොන්දේසි කිහිපයක් පනවා තිබේ.

ඉන්ධන ලබාගැනීමට තමන්ගේම වාහනයෙන් පැමිණිය යුතුය. වෙනත් පුද්ගලයෙකුගේ QR කේතයක් රැගෙන වෙනත් වාහනයකින් පැමිණියද ඉන්ධන නිකුත් නොකිරීමට පිරවුම්හල් සේවකයින්ට උපදෙස් දී ඇත.

කිසිදු හේතුවක් මත කෑන් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බව සභාපතිවරයා අවධාරණය කළේය.