QR ක්‍රමයට පොහොර නිකුත් කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව කෘෂිකර්ම පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා සදහන් කර තිබෙනවා.
අමාත්‍යවරයා සදහන් කළේ, පොහොර ලබාදීමේදී QR ක්‍රමයකට යාම අත්‍යවශ්‍ය දෙයක් වන බවත්, පොහොර නිකුත් කිරීම සඳහා QR ක්‍රමයක් ගෙනෙන ලෙස යෝජනාවක් මේ වන විට පැමිණ තිබෙන බවයි.
පොහොර සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් නොමැති බවත්, රටේ ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් තිබෙන බවත් ඔහු සදහන් කර කළා.
නමුත් එතුමා සදහන් කළේ කළු කඩ සහ යම් පෞද්ගලික ආයතන කලින් ගෙන්වූ පොහොර වල මිල වැඩි කර තිබෙන අතර, මේ වන විට පොහොර මිටිය රුපියල් 12000-13000ක මිලකට අලෙවි වන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම, පොහොර හිඟයක් ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බවත්, මෙම කන්නයේදී පොහොර ගැටලුවක් ඇති නොවන බවත්, අමාත්‍යවයා ප්‍රකාශ කළා.
