Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාස්කු මහමොළකරුවන් රටට හෙළි කරන්න ගම්මන්පිල දින දෙයි

8 months ago

රජය විසින් මෙතෙක් හෙළි නොකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කවුරුන්ද යන්න පිළිබඳව එළැඹෙන මාර්තු මස 31 වනදා රට හමුවේ අනාවරණය කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වසර එකහමාරක පමණ කාලයක් පුරා තමන් විසින් සිදුකළ දීර්ඝ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බව ඔහු මෙහිදී අනාවරණය කළේය.

එම ග්‍රන්ථය මාර්තු මස 31 වනදා පස්වරු 3.30 ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්වීමට නියමිත අතර, එහිදී ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාරය පසුගිය වසර හතක කාලය පුරා දේශපාලන වාසි තකා විවිධ පාර්ශ්වයන් විසින් භාවිතා කළ බවට ගම්මන්පිල මහතා චෝදනා කළේය. “පාස්කු ප්‍රහාරය විකුණලා ආණ්ඩු හැදුවා, ආණ්ඩු පෙරලුවා. කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න මේක යොදාගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.