Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට

8 months ago

අද (16) උදෑසන 10.00 ට පමණ තවත් ඉන්ධන නෞකාවක් කොළඹ වරායට සේන්දු වූ බවත්, එහි ඉන්ධන අද දිනය තුළම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

මෙම නෞකාව මඟින් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් දිවයිනට රැගෙනවිත් තිබේ. දැනටමත් නිලධාරීන් විසින් ඉන්ධන සාම්පල පරීක්ෂාව ආරම්භ කර ඇති අතර, ඉන් අනතුරුව ගොඩබෑමේ කටයුතු සිදුකෙරේ. ඇනවුම් කර ඇති සෙසු නෞකා ද නියමිත පරිදි දිවයිනට පැමිණෙමින් පවතින බව කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඇනවුම් 1,300කට අධික ප්‍රමාණය බෙදාහැරීමට පියවර ගෙන ඇති බවත්, පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මඟින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය තොග අද අලුයම සිටම පිටත් කර හැරි බවත් ඔහු පැවසීය.

QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වීමේදී ජනතාව ලබාදෙන පෞද්ගලික තොරතුරු රැස්කර ව්‍යාජ QR කේත සකස් කරන කණ්ඩායම් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කළේය.