Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගොවීන්ට ඉන්ධන ලබාදීම ගැන විශේෂ තීරණයක්

8 months ago

වත්මන් QR ඉන්ධන කෝටාවට පරිබාහිරව ගොවීන් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ සඳහා සිය එකඟතාව පළ කර ඇති බව එහි කොමසාරිස් ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.

ගොවීන්ගේ වගා කටයුතු සැලකිල්ලට ගනිමින් ඉන්ධන ලබාදීම කාණ්ඩ දෙකක් යටතේ සිදුකිරීමට නියමිතය:

  • 2025/26 මහ කන්නයේ අස්වනු නෙළන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 15 බැගින් ලබාදේ.
  • යළ කන්නයේ වගා කිරීමට සීසෑමේ කටයුතු සිදුකරන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 20ක ඉන්ධන ප්‍රමාණයක් ලබාදේ.

ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇතුළත් ලැයිස්තුව අද (16) දිනයේම ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර ඇති අතර, ගොවි ජනතාවට සිය ඉන්ධන අවශ්‍යතාව බූලිවලට ලබාගැනීමට අවශ්‍ය නෛතික පසුබිම ද මේ වන විට සකස් කර ඇති බව කොමසාරිස්වරයා අවධාරණය කළේය.

ඉන්ධන සහනයට අමතරව, පොහොර සහනාධාරය ද මාර්තු මස පළමුවැනිදා සිට ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.