Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

QR ක්‍රමයෙන් වාහන ආනයනකරුවන්ට ගැටලුවක්

8 months ago

රජය විසින් යළි හඳුන්වා දුන් QR ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය හේතුවෙන් අලුතින් ආනයනය කරනු ලබන වාහන වරායේ සිට බෙදාහරින්නන් වෙත රැගෙන යාමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, ආනයනය කරන වාහන හම්බන්තොට වරායට පැමිණෙන අතර, එම වාහන සඳහා QR කේතයක් නොමැති වීම හේතුවෙන් ඒවා හම්බන්තොට සිට කොළඹ දක්වා ධාවනය කර රැගෙන ඒමට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවයි. පවතින ක්‍රමවේදය යටතේ ලියාපදිංචි අංකයක් නොමැති මෙම වාහන පද්ධතියට ඇතුළත් කිරීමේ අපහසුතාව මීට ප්‍රධාන හේතුව වී තිබේ.

මසකට වාහන 100 ත් 150 ත් අතර ප්‍රමාණයක් මෙරටට ආනයනය කෙරෙන බැවින්, එම වාහන සඳහා විශේෂිත QR ක්‍රමවේදයක් හෝ තාවකාලික ඉන්ධන කෝටාවක් හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා රජය සමඟ සාකච්ඡා කිරීමට ද වාහන ආනයනකරුවන්ගේ සංගමය සූදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.