Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

8 months ago

මැදිරිගිරිය බිසෝබණ්ඩාරපුර ප්‍රදේශයේදී පසුගියදා (15) සිදුවූ රිය අනතුරකින් මින්නේරිය පොලිසියේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ සැරයන්වරයා වහාම මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදිරිගිරිය, බිසෝබණ්ඩාරපුර ගම්මානයේ පදිංචිව සිටි මින්නේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 47 හැවිරිදි නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.