Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

QR කේතය ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

8 months ago

රජයේ නිල ඉන්ධන QR පද්ධතිය ලෙස පෙනී සිටිමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරාගන්නා ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.

අද (16) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ, නිල වෙබ් අඩවියට බෙහෙවින් සමාන ලෙස සකස් කරන ලද මෙම ව්‍යාජ අඩවි හරහා පරිශීලකයන්ගේ තොරතුරු ලබාගැනීමට කූට පිරිස් උත්සාහ කරන බවයි.

රජය විසින් ඉන්ධන අවසර පත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ fuelpass.gov.lk යන නිල වෙබ් අඩවිය පමණක් බවත්, වෙනත් කිසිදු අන්තර්ජාල ලිපිනයක් හරහා තොරතුරු ලබා නොදෙන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.