Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

QR කෝටාව අවසන් වන දිනය

8 months ago

පවතින QR ක්‍රමවේදය යටතේ ජනතාවට ලබාදී ඇති සතිපතා ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත්, එය නැවතත් ඉරිදා දින උදෑසන සිට අලුත් වන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, QR කේත ක්‍රමවේදය හඳුන්වාදීම හරහා මෙරට සමස්ත ඉන්ධන පරිභෝජනය 20%කින් පමණ අඩු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම පද්ධතිය තුළ පවතින අධික පෝලිම් පාලනය කිරීම සඳහා මෙම ස්වයංක්‍රීය ක්‍රමවේදය අත්‍යවශ්‍ය වූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

“අපිට ගබඩාවේ තිබුණ තෙල් සහ මාර්තු මාසයේ ලැබෙමින් පවතින තෙල්, යුද්ධය බලපාන්නේ නැතුව එනවා කියලා තහවුරු කරපු තෙල්වල එකතුවෙන් තමා දවස් ගාන කිව්වේ. අපිට තාම Crude oil එන ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. අපි තහවුරු කරලා තියෙනවා ලබන මාසේ අවසන් සතිය දක්වා යන්න පුළුවන්. එතැනින් එහාට අපි යන්න නම් මේ වෙනවිට නැව් ටික අපි සම්පූර්ණ කළ යුතුයි. අද තීරණාත්මක දවසක්. මේ අර්බුදය මතු වුණ ගමන් අපි Crude oil එක වෙනස් කළා. ඒ නිසා අපිට මේ තියෙන තෙල් ප්‍රමාණය අපි දන්නේ නෑ යුද්ධෙ කොතැනට යයිද කියලා.මුළු ලෝකයම මේකට සුදානම් වෙනවා. ඒ නිසා අපි මේක සුරක්ෂිත කරලා, දැන් යම් කැපකිරීමක් කළොත් අපිට පුළුවන් මේ අවදානමෙන් එළියට යන්න”