බස්නාහිර පළාත තුළ සිදුවන අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ නීතිවිරෝධී ක්‍රියා මැඬලීම සඳහා මහජනතාවට ඍජුවම තොරතුරු ලබාදිය හැකි නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව, 0777 128 128 දරන මෙම WhatsApp අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කර ඇත. බස්නාහිර පළාත තුළ සිදුවන ඕනෑම ආකාරයක අපරාධමය ක්‍රියාවක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව විශ්වාසදායක තොරතුරු මෙම අංකය ඔස්සේ පොලිසිය වෙත යොමු කළ හැකිය.
මෙම අංකය වෙත ලැබෙන සියලුම තොරතුරු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත ඍජුවම යොමු කෙරේ. තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට උපරිම පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
