මෙරටට විදේශ විනිමය ඍජුවම උපයනු ලබන ආයතන සඳහා තාවකාලික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බාධා ඉවත් කිරීම මෙම පියවරෙහි මූලික අරමුණ බවයි. ඒ අනුව සංචාරක ක්ෂේත්රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීමට මෙම බලපත්‍ර ක්‍රමය හරහා කටයුතු සම්පාදනය කෙරෙනු ඇත.
මෙම නව පියවර මඟින් සංචාරක කර්මාන්තයේ නියුතු හෝටල් හිමියන්, සංචාරක මගපෙන්වන්නන් සහ ප්‍රවාහන සේවා සපයන්නන්ට ඉන්ධන ගැටලුවලින් තොරව සිය සේවාවන් පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ.
