ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය ලබා ගැනීමේදී මහජනතාව මුහුණ දෙන ලියාපදිංචි වීමේ ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ලියාපදිංචි වීමේදී විවිධ තාක්ෂණික බාධාවන් පවතින පුද්ගලයින්ට 076 000 1919 දරන WhatsApp අංකය වෙත සිය වාහන අංකය යොමු කිරීමෙන් අවශ්‍ය සහාය ලබාගත හැකිය. මෙහිදී අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පහත සඳහන් ලියකියවිලිවල ඡායාරූප ද යොමු කළ යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි:
- ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
- වලංගු ආදායම් බලපත්‍රය (Revenue License).
- වාහන ලියාපදිංචි සහතිකය (CR Book).
මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් බව අමාත්‍යාංශය විශේෂයෙන් සඳහන් කරයි. පාරිභෝගිකයින් විසින් ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව අතිශය රහස්‍ය ලෙස ආරක්ෂා කරන බවට ද සහතිකයක් ලබා දී ඇත.
