මෙරට ධීවර කර්මාන්තයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණවලට අනුව මෙම වැඩපිළිවෙළ සැකසී ඇත.
නව ක්‍රමවේදය යටතේ විවිධ ධීවර යාත්‍රා කාණ්ඩ සඳහා ඉන්ධන ලබා දීමට නියමිතව ඇත්තේ මෙලෙසිනි:
ධීවර වරායන් හරහා ඉන්ධන නිකුත් කෙරෙන අතර, යාත්‍රා අධීක්ෂණ පද්ධතිය (VMS) මඟින් ගමන් තොරතුරු තහවුරු කර අවශ්‍ය ප්‍රමාණය විධිමත්ව කළමනාකරණය කරනු ලැබේ.
දෛනිකව ක්‍රියාත්මක වන මෙවැනි යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කෙරේ. ඒ සඳහා ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇත.
ඩෙල්ෆ් දූපත සහ බත්තලංගුණ්ඩුව වැනි දුෂ්කර ප්‍රදේශවල ධීවරයින්ට අවශ්‍ය සහාය ලබා දීමට විශේෂ පියවර ගෙන තිබේ.
මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා සහ ගොවිපොළවල ජෙනරේටර් සඳහා සීපෙට්කෝ (Ceypetco) සමඟ ඇති කරගන්නා ගිවිසුම් ප්‍රකාරව ඉන්ධන ලබාගත හැකිය.
