Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණයට දින නියම වෙයි

8 months ago

2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන මාර්තු 31 වනදාට පෙර ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ බස්නාහිර පළාත් සැසිවාරය ඊයේ (18) කොළඹදී පැවැත්වුණු අතර, එහිදී විපක්ෂයේ දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන සිය අදහස් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, විදුලි අර්බුදය හමුවේ සිදුවූ බර සහ බාල ගල්අඟුරු ආනයනය කිරීම නිසා සිදුවූ මූල්‍ය පාඩුව කිසිසේත්ම විදුලි පාරිභෝගිකයින් මත පැටවීමට ඉඩ නොදිය යුතු බවයි. විදුලිබල ක්ෂේත්‍රයේ පවතින දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ජනතාව පීඩාවට පත් කිරීම වහාම නතර කරන ලෙස ඔහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද මෙම හමුවට සහභාගී වූ අතර, ඔහු පවසා සිටියේ පවතින බලශක්ති කළමනාකරණ ගැටලු හමුවේ ලබන අගෝස්තු මාසය වන විට මෙරට තුළ නැවතත් විදුලි කප්පාදුවක් සිදුවීමේ ඉහළ අවදානමක් පවතින බවයි.