දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.
අද අළුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු-මැද සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවති බව වාර්තා වේ. මේ හේතුවෙන් මාර්ග භාවිත කරන රියදුරන් සැලකිලිමත් විය යුතු බව දන්වා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
