Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිවිරෝධීව පෙට්‍රල් රැස්කළ 70 හැවිරිදි ව්‍යාපාරිකයෙක් කොටුවෙයි

8 months ago

බලපත්‍රයක් රහිතව නීතිවිරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604ක් සිය භාරයේ තබාගෙන සිටි 70 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඊයේ (18) පස්වරුවේ පොළොන්නරුව, මීගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැදිරිගිරිය, මීගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, සැකකරු විසින් මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ විවිධ ඉන්ධන පිරවුම්හල්වලින් මෙම පෙට්‍රල් තොගය රැස්කරගෙන ඇති බවයි.

පවතින ඉන්ධන අවශ්‍යතාවය හමුවේ, පෙට්‍රල් හිඟ අවස්ථාවන්හිදී පාරිභෝගිකයන්ට වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම තොගය රහසිගතව ගබඩා කර තබා ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සැකකරු අද (19) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.