Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා හා ජනපති අතර හමුවක්

8 months ago

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන විශේෂ නියෝජිත මෙන්ම ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා  කර තිබේ..

විශේෂයෙන්ම මෙම යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට සහ ආර්ථිකයට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා විසින් අමෙරිකානු නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ  Sergio Gor මහතා සමඟ පැමිණි නියෝජිත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.