Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසුන්ගේ හා ළදරුවන්ගේ බෝතල්වලට ප්‍රමිතිය අනිවාර්ය කරයි

8 months ago

පාසල් දරුවන් සහ ළදරුවන් භාවිත කරන ප්ලාස්ටික් ජල බෝතල් සඳහා SLS ප්‍රමිති ලකුණ ලබන මාසයේ සිට අනිවාර්ය කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව වෙළඳපොළට නිකුත් කරන බෝතල් SLS 1616 සහ SLS 1306 යන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, නීතිය උල්ලංඝනය කරන අලෙවිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.