හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී අඩි 50ක් පමණ පහළට ඇද වැටුණු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 23 හැවිරිදි සිසුවියක් අද (19) නිරුපද්‍රිතව බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සමඟ අද පෙරවරුවේ ලෝකාන්තය නැරඹීමට පැමිණි මෙම සිසුවිය, ආරක්ෂිත වැට ආසන්නයේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා ගොස් ප්‍රපාතයට ඇද වැටී තිබේ. වාසනාවකට මෙන් ඇය ප්‍රපාතයේ තිබූ අත්තක එල්ලී නතර වී ඇත.
අනතුර සිදුවූ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ වනෝද්‍යානයේ රියදුරෙකු තම ජීවිත අවදානම නොතකා බෑවුම දිගේ පහළට බැස, අත්තක එල්ලී සිටි සිසුවියව ප්‍රවේශමෙන් බස්සවා බෑවුමේ තිබූ ගලක වාඩිකරවා තිබේ. අනතුරුව ඇයව ආරක්ෂිතව ඉහළට ගැනීමට පට්ටිපොළ පොලිසිය, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඉල්ලා ඇත.
අනතුරුව ඇය මුදාගැනීම සඳහා පට්ටිපොළ පොලීසියෙන්, යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් උදව් ඉල්ලා ඇත.
ඒ අනුව නුවරඑලිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, වනජීවි නිළධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඇයව බේරාගෙන ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.ම් ස්ථාන නැරඹීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු බව වනජීවී නිලධාරීන් මෙහිදී නැවතත් අවධාරණය කළහ.
