Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්ධන මිල කළමනාකරණය පිළිබඳව ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

8 months ago

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ආර්ථික අභියෝග සහ ඊට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම සහ ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යා හැකි ප්‍රවණතා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. විශේෂයෙන්ම 2025 වසරේදී ශ්‍රී ලංකාව ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය සහ ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යාම සහ ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණයට ගත හැකි පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

පවතින තත්ත්වය හමුවේ පාරිභෝගිකයාට සහ නිෂ්පාදන අංශයට වන බලපෑම අවම කිරීම සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව කඩිනමින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය විජිත හේරත්, අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.