Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යාචක කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක්

8 months ago

මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් ප්‍රධාන මාර්ගයේ යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ (19) සවස ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ශුද්ධ වූ උපවාස සමය (Ramadan) නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල යාචකයින් පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයට පැමිණ සිටිති. මොවුන් දිවා කාලයේ සිඟමනේ යෙදී රාත්‍රී කාලයේ වෙළඳසැල් ඉදිරිපිට ලැගුම් ගන්නා අතර, එවැනි කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇත.

එම අවස්ථාවේදී ගැටුමට සම්බන්ධ වූවන් බීමතින් සිටි බව ද වාර්තා වෙනවා.

තුවාලකරුවන් කාත්තන්කුඩි පොලිසියේ සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.