Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

8 months ago

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු එළඹෙන අප්‍රේල් 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන පරීක්ෂණයක් මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජොහාන් ප්‍රනාන්දු, ජෙරම් ප්‍රනාන්දු සහ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.