ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් ඊයේ (20) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මැදපෙරදිග පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ ගෝලීය වශයෙන් මතුව ඇති බලශක්ති අර්බුදය සහ එය මෙරට ආර්ථිකයට එල්ල කළ හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
පවතින බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයින්ට පැහැදිලි කළේය. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් එක්ව සිටියහ.
