Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මවට සහ දියණියට දිවි අහිමි කළ මාරක රිය අනතුර

8 months ago

චාවකච්චේරිය – පුත්තූර් මාර්ගයේ කනකම්පුලියඩි ප්‍රදේශයේදී අද (21) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් මවක සහ ඇයගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

උදෑසන 8.30ට පමණ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර, මව සහ දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ තවත් කාන්තාවක ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.