Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාද්දූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

8 months ago

වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණ යුවළක් බරපතළ තුවාල ලබා තිබේ. මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක සිට ඇති අතර, ඔවුන් මුලින් පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාල ලැබූ දෙදෙනාම 26 හැවිරිදි වියේ පසුවන බව පොලිසිය තහවුරු කරයි