යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක වූ 54 හැවිරිදි තිලීපන් දයාලිනි නමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය සහ බෑනා ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය සමත්ව තිබේ.
ඉන්ධන ලබාගැනීමට භාවිත කළ QR කේතය සහ බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයකදී 19 හැවිරිදි දියණිය සහ 21 හැවිරිදි බෑනා මෙලෙස කොටු වී ඇත.
මියගිය කථිකාචාර්යවරියගේ පුත්‍රයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ අතර, නිවසේ වහළයේ උළු ඉවත් කර තිබීම සහ කපන ලද හිසකෙස් හමුවීම නිසා සැකය තහවුරු විය.
සැකකරුවන් පරන්තන් ප්‍රදේශයේදී ATM යන්ත්‍රයකින් මුදල් ලබාගෙන පසුව ත්‍රිකුණාමලයේ පිරවුම්හලකින් QR කේතය මගින් ඉන්ධන ලබාගෙන තිබූ අතර, එහි CCTV දර්ශන මගින් ඔවුන්ව හඳුනා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, කථිකාචාර්යවරියගේ ගෙල මිරිකා ඝාතනය කළ බවට සැකකාර බෑනා පාපොච්චාරණය කර ඇත.
අනතුරුව සිරුර යාපනය – තනංකිලප්පු ප්‍රදේශයේ වගුරු බිමකට දැමූ බවට ඔහු කළ ප්‍රකාශය මත විකෘති වී තිබූ මළ සිරුර සොයාගෙන තිබේ.
