Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IOC හා සිනොපෙක් මිලත් ඉහළට! සිනොපෙක් සුපිරි ඩීසල් මිල 600 සීමාව ආසන්නයට!

8 months ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ, සිනොපෙක් (Sinopec) සහ ලංකා අයි.ඕ.සී (LIOC) සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

මෙහිදී සිනොපෙක් සමාගම සිය සුපිරි ඉන්ධන වර්ග සඳහා රුපියල් සියයකට අධික දැවැන්ත මිල වැඩි කිරීමක් සිදු කිරීම විශේෂත්වයකි.

සිනොපෙක් සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වේ.

එමෙන්ම ඔවුන් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 572කි.

ලංකා අයි.ඕ.සී සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව සිය මිල ගණන් ඉහළ දමා ඇත.

ඉන්ධන වර්ගයමිල වැඩිවීම (රු.)නව මිල (රු.)
ඔක්ටේන් 92 පෙට්‍රල්81398
ඔක්ටේන් 95 පෙට්‍රල් (CPC)90455
ඔක්ටේන් 95 පෙට්‍රල් (Sinopec)122487
ලංකා සුදු ඩීසල්79382
සුපිරි ඩීසල් (CPC)90443
සුපිරි ඩීසල් (Sinopec)219572
භූමිතෙල්60255