Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොරෙන් QR භාගත කළ 153 දෙනෙකුට වැඩ වරදින ලකුණු

8 months ago

ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වාදුන් QR කේත ක්‍රමය යටතේ මේ වන විට ලක්ෂ 60කට ආසන්න පිරිසක් ලියාපදිංචි වී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා අනාවරණ කළේ ඉන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි වූවන් බවයි.

QR කේතය ලියාපදිංචි වීමේදී මතු වූ තාක්ෂණික දෝෂ සියල්ල මේ වන විට නිරාකරණය කර ඇති බවත්, පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය හැකි උපරිමයෙන් සීමා කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, අනීතික ලෙස QR කේත බාගත කළ දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී තිබේ.