අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ නිවසක බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 2200ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හුංගම පොලීසිය සමත්ව තිබේ.
හුංගම පොලීසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ පොලිස් භාරයට ගත් ඩීසල් තොගය වැඩිදුර අධිකරණ කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
අදාළ සැකකරු අද (22) හම්බන්තොට මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
