Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

three wheel price in sri lanka

ත්‍රීවිල් ගාස්තු ඉහළ දමන්න සැරසෙයි

8 months ago

රජය විසින් සිදුකළ පෙට්‍රල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව, ත්‍රිරෝද රථ ගාස්තුවේ පළමු කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 20කින් ඉහළ නැංවීමට අවසර දෙන ලෙස ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී.

අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය.

පවතින ඉන්ධන හිඟය මෙන්ම මිල ඉහළ යාම හමුවේ ත්‍රිරෝද රථ සේවාව පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇති බවත්, මෙම මිල සංශෝධනය සිදුකළ හැක්කේ මීටර භාවිතා කරන රියදුරන්ට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” තත්ත්වයක් උදාවී ඇති බව පැවසූ ඒ මහතා, රජයේ මැදිහත්වීම අපේක්ෂාවෙන් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බව ද සඳහන් කළේය.