Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිසයිල ප්‍රහාර වීඩියෝ කරන්න ගිය ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 04 කට තුවාල

8 months ago

ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අදාළ ප්‍රහාර දර්ශන වීඩියෝ කිරීමට යාමේදී මොවුන් තුවාල ලබා ඇති බව තනාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. 

තම රටේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා (Dimona) නගරය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය දෙපාර්ශ්වයෙන්ම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින පසුබිමක මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, දකුණුදිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම මිසයිල ප්‍රහාරය ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයට කිලෝමීටර 13ක් පමණ ආසන්නයෙන් පතිත වී ඇති බව වාර්තා වේ. මීට අමතරව දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් (Arad) නගරය වෙත ද ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.