මෙරට ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල සංශෝධනය කරන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (23) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ ඉන්ධන මිල ඉහළ යාම බේකරි ක්ෂේත්රයට ද්විත්ව බලපෑමක් එල්ල කර ඇති බවයි.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය බලශක්තිය සපයා ගැනීම (ඩීසල්, භූමිතෙල් සහ ගෑස්) මෙන්ම, නිෂ්පාදනය කරන ලද ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ රථ වාහන සඳහා වැයවන පිරිවැය ද මේ වන විට විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
“පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිපදවීමේ සිට බෙදාහැරීම දක්වා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක්. වත්මන් තත්ත්වය යටතේ පැරණි මිලටම නිෂ්පාදන අලෙවි කිරීම පාඩු සහගතයි,” යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
