Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

milk powder price increase - කිරි පිටි මිල ඉහළට

කිරිපිටි සහ තිරිඟු පිටි මිල ගැන ගත් තීරණය

8 months ago

පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ වුවද මෙරට ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

අද (23) පෙරවරුවේ කිරිපිටි ආනයනකරුවන් සහ තිරිඟු පිටි සමාගම් නියෝජිතයන්, විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු ආකාරයක මිල වැඩි කිරීමක් සිදු නොකරන බවට සමාගම් මෙහිදී සහතික විය. පවතින යුදමය වාතාවරණය හමුවේ සැපයුම් ජාලයන්ට බලපෑම් එල්ල වුවද, තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් කිරිපිටි සහ තිරිඟු පිටි තොග මෙරට පවතින බව එම සමාගම් අමාත්‍යවරයා වෙත තහවුරු කර ඇත.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය පිරිවැයට බලපෑම් එල්ල කළද, ජනතාව වෙනුවෙන් රජය සමඟ එක්ව මෙම සහනය ලබාදීමට සමාගම් එකඟ වී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන කෝටාව හේතුවෙන් බෙදාහැරීම්වලට එල්ල වී ඇති බාධා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ආහාර බෙදාහැරීමේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා විධිමත් ලෙස හඳුනා ගැනීම සඳහා රජය හඳුන්වා දුන් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට ලියාපදිංචි වන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී සමාගම් වෙත උපදෙස් ලබා දුන්නේය.