කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක කාමරයක් තුළදී ඊයේ (23) චීන ජාතික තරුණියක් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවූ චීන ජාතික තරුණියකි.
සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ පැරණි පෙම්වතා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. මෙම සැකකරු ද චීන ජාතිකයෙකු වන අතර, ඔහු මීට පෙර මියගිය තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව පොලිසිය පවසයි.
තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට කොහුවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකාර චීන ජාතික තරුණයා අදාළ නිවසින් පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
