බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන දිරිගැන්වීම සහ තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ඒකාබද්ධ රාමුවක් සකස් කිරීමට ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැයෙන් කළ යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් ඇතුළත් කර ඇත:
ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා (සභාපති)
දුමින්ද හුලංගමුව මහතා
ඉංජිනේරු උපුල් අබේසිරිවර්ධන මහතා
ඩී.ජේ. රාජකරුණා මහතා
මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා
ඉංජිනේරු පුබුදු නිරෝෂන හැඩිගල්ල මහතා
මීට අමතරව මුදල්, ඩිජිටල් ආර්ථික, බලශක්ති, ප්‍රවාහන, වරාය සහ කර්මාන්ත යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ද මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබයි.
