පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial Conference) සඳහා අප්‍රේල් 30 වනදා දින නියම කරන ලදී.
2016 වසරේදී ඔහු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, පළාත් සභාව සඳහා රේඛනය කරන ලද (Crossed) චෙක්පතක් සිය පෞද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කර ගැනීම හරහා දූෂණය නමැති වරද සිදු කළ බවට මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත්තේ මන්ත්‍රීවරයා රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වූ පැමිණිලි මත සිදු කළ විමර්ශනයකින් අනතුරුවය.
